Sydney හි south-west ප්‍රදේශයේ සිදුවීමට ගිය තවත් පාතාල කල්ලි වෙඩි තැබීමක් වළක්වා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
පසුගිය දින 10 ඇතුළත Sydney හි මාරාන්තික වෙඩි තැබීම් 3ක් සිදුව ඇති අතර, ඊයේ රාත්‍රියේ සිදුවීමට ගිය මෙම 4 වන ප්‍රහාරය පොලිසිය විසින් සාර්ථකව වළක්වා ගනු ලැබුවා. Rossmore ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බවට ලත් තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශය වටලා තිබෙනවා.
එහිදී අදාළ නිවස දෙසට ඩ්‍රෝන යානයක් යොදා ගනිමින් පූර්ව නිරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටි Task Force Falcon විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Liverpool පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව බරපතල අපරාධ සඳහා නිරීක්ෂණ කටයුතු සංවිධානය කිරීම සහ අපරාධ කල්ලිවලට සම්බන්ධ වීම යන චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතයි.



