Melbourne හි South Yarra ප්‍රදේශයේ වීදියකදී පුද්ගලයෙකුට දරුණු ලෙස පහරදී පිහියෙන් ඇන තුවාල සිදු කර ඇති අතර, 50 හැවිරිදි මෙම වින්දිතයා බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා.

ඉරිදා අලුයම හිසට සහ සිරුරට බරපතළ තුවාල ලබා සිටි අදාළ පුද්ගලයා, Malvern මාර්ගයෙහි ගමන් කළ පොලිස් මුර රථයක් වෙත ගොස් උදව් ඉල්ලා ඇති අතර, ඔහුව පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් අපරාධය සිදු වූ නිවාස සංකීර්ණය සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 38 හැවිරිදි South Yarra ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය සහ වින්දිතයා එකිනෙකා හඳුනන පුද්ගලයින් බව පොලීසිය පවසනවා. The Alfred Hospital හි ප්‍රතිකාර ලබන වින්දිතයාගේ තත්ත්වය අතිශය අවදානම් සහගත බවයි වාර්තා වන්නේ.