කලක් රෝගාතුරව පසුවූ ප්රවීණ ගායන සහ රංගන ශිල්පී ප්රියංකර පෙරේරා මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්රියේ ඒ මහතා මෙලෙස අභාවප්රාප්ත වන විට 64 වන වියෙහි පසුවුණා.
ප්රවීණ ගායන ශිල්පී ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ පුත්රයෙකු වන ප්රියංකර පෙරේරා මහතා, ප්රකට රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මියගේ ආදරණීය සැමියා වන අතර ගායන ශිල්පී දිල්මින් පෙරේරාගේ ආදරණීය පියාණන් ද වෙනවා.
'සුපුන් සඳක්', 'සඳුන් ගසේ සමන් වැලක්' වැනි ජනප්රිය ගීත ගණනාවක් ගායනා කළ ඒ මහතා ප්රසංග වේදිකාව තුළ වඩාත් ජනාදරයට පත්වුණේ සිය පියාගේ ගීත නැවත ගායනා කිරීමෙන්.



