Sunshine හි සිදුවූ දරුණු පහරදීමකට සම්බන්ධ 5 දෙනෙකුට Brimbank Crime Investigation Unit එක මගින් චෝදනා ගොනුකර තිබෙනවා.
ඊයේ දින Hampshire මාවතෙහි පිහිටි වෙළඳසැලකින් භාණ්ඩ සොරකම් කිරීමට ගිය අවස්ථාවේදී, ඊට මැදිහත් වූ 60 හැවිරිදි පුද්ගලයෙකුට මොවුන් මෙලෙස පහරදී ඇති බවයි වාර්තා වන්නේ. පහරදීමෙන් තදබල ලෙස තුවාල ලැබූ එම පුද්ගලයා මේ වන විට රෝහල්ගත කර සිටිනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් Brimbank සහ Banyule ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 12, 13, 14 සහ 15 යන වයස්වල පසුවන පිරිමි ළමුන් තිදෙනෙකුට සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා Weekend Online Remand Court වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



