තවමත් සැප්තැම්බර් මාසය වුවද, Supermarket ජාලයන්හි වෙළඳසැල් පරිශ්ර තුළ මේ වන විටත් නත්තල් සැරසිලි සහ නත්තල් කාලයට විශේෂිත භාණ්ඩ අලෙවිය ආරම්භ කර තිබෙනවා.
දෙසැම්බර් මාසයට තවත් මාස කිහිපයක් තිබියදී මෙලෙස නත්තල් භාණ්ඩ ප්රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් අතර මත දෙකක් නිර්මාණය වී ඇති අතර, බොහෝ දෙනෙකු පවසන්නේ මෙය ඉතා වේලාසන වැඩි බවයි. කෙසේ වෙතත්, Woolworths සහ Coles යන ප්රධාන වෙළඳ ජාලයන් සඳහන් කරන්නේ පාරිභෝගිකයින්ට නත්තල් කාලයේ යන අධික පිරිවැය මාස කිහිපයකට බෙදා කළමනාකරණය කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා මෙම පියවර ගත් බවයි.
කෙසේ වෙතත්, ඉදිරි මාසවලදී සම්පූර්ණ නත්තල් නිෂ්පාදන පෙළ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවයි එම වෙළඳ ජාලයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.



