Sydney හි Ultimo ප්‍රදේශයේ Wattle St හි පිහිටි ගොඩනැගිල්ලක් අද  පෙරවරු 11ට පමණ කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ගොඩනැගිල්ලේ බිත්තියක් කඩා වැටීමෙන් අසල්වැසි ඉන්ධන පිරවුම්හලේ නවතා තිබූ වාහන කිහිපයක් මත ගඩොල් සහ සුන්බුන් වැටී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත්දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එය සේවා ස්ථානයක සිදුවූ අනතුරක් ලෙස විමර්ශනය කෙරෙනවා.

බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු 30 සහ 60 පසුවන පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කර තිබෙනවා.

ගිනි නිවන භටයන් ගොඩනැගිල්ලේ ඉතිරි කොටස් ආරක්ෂිතදැයි පරීක්ෂා කරමින් සිටින අතර, පොලීසිය ද ප්‍රදේශය වසාදමා මහජනතාවට එම ස්ථානයෙන් ඈත්ව සිටින ලෙස දැනුම් දී තිබෙනවා.