Sydney හි නැගෙනහිර Blacktown හි Lancaster වීදියේදී පුද්ගලයින් හයදෙනෙකු පමණ අතර හටගත්  ගැටුමකදී 17 හැවිරිදි තරුණියකට පිහි ඇනුම් සිදුව තිබෙනවා. තුවාල ලැබූ ඇය උපකාර පතා ආසන්නයේ තිබූ පාසල් භූමියක් වෙත දිවගොස් ඇති අතර, ඇයට එම පාසල සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි NSW පොලීසිය සඳහන් කරන්නේ.

පසුගිය සිකුරාදා පස්වරු 2.30 ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් පසු ඇයට එම ස්ථානයේදීම ප්‍රථමාධාර ලබාදී Westmead Hospital වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තා. ඇයගේ තත්ත්වය දැනට යහපත් අතට හැරෙමින් පවතින බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ අනෙක් පිරිස පොලිසිය පැමිණීමට පෙර ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, සිද්ධිය වූ ස්ථානය ආසන්නයෙන් උතුරට ධාවනය වූ රථයක් පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම ගැටුම සහ පිහි ඇනුම සම්බන්ධයෙන් තොරතුරු හෝ වීඩියෝ දර්ශන තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස Blacktown Police Area Command බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.