Sydney නගරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවූ විශාලතම ළමා අපචාර සිද්ධියට අදාළව, එහි හිටපු සේවකයෙකුට එරෙහිව තවත් අලුත් චෝදනා 115 ක් එල්ලවී තිබෙනවා.

ඒ අනුව 35 හැවිරිදි Hamish Tait නමැති මෙම සැකකරුට එරෙහිව එල්ලවී ඇති සමස්ත චෝදනා සංඛ්‍යාව 444 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. Sydney හි north-west ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථාන 5 ක සේවය කරමින් සිටියදී වයස අවුරුදු 10 ට අඩු දරුවන්ට ලිංගික අතවර කිරීම සහ අසභ්‍ය දර්ශන පටිගත කිරීම ඇතුළු චෝදනා රැසක් මොහුට එරෙහිව එල්ලවී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මගින් ක්‍රියාත්මක කළ Operation Moonbi මෙහෙයුම ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර, අදාළ සිදුවීමෙන් අගතියට පත් ළමයින් 136 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 2025 ජූලි මාසයේදී අත්අඩංගුවට ගත් සැකකරු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, මෙම නඩුව ලබන නඩුව ලබන ඔක්තෝබර් 8 වනදා Parramatta ප්‍රාදේශීය අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතයි.