සිඩ්නිහි southwest ප්රදේශයේ Oakdale හි පෞද්ගලික ඉඩමක සිදුවූ බරපතල මෝටර් රථ අනතුරකින් යෞවන වයසේ පසුවන පිරිමි ළමයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉරිදා උදෑසන සිදුවූ මෙම අනතුරෙන් එක් අයෙකුගේ හිසට සහ බෙල්ලට තුවාල සිදුවී ඇති අතර, අනෙක් ළමයාගේ හිසට සහ උරහිසට තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ එක් ළමයෙකු ගිලන් රථයකින් Liverpool Hospital වෙත ඇතුළත් කිරීමට NSW Ambulance සේවාව පියවර ගෙන තිබෙනවා. අනෙක් තරුණයා ගුවන් මගින් රෝහල් ගත කරන්නේද යන්න පිළිබඳව සහන සේවා කණ්ඩායම් තීරණය කරමින් සිටින අතර, NSW Ambulance Aeromedical Service හෙලිකොප්ටර් යානයද මේ වන විට එම ස්ථානයට පැමිණ තිබෙනවා.
අනතුරට ලක්වූ ළමයින් දෙදෙනාගේ තත්ත්වය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ.



