Sydney හි පාතාල කල්ලි අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග, southwest Sydney ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් වැඩිලෙස යොදවා ආරක්ෂාව තර කිරීමට NSW පොලිසිය තීරණය කර තිබෙනවා.
පසුගිය අඟහරුවාදා සහ බදාදා දිනවලදී Marco Tapia සහ Joshua MacDonald යන පුද්ගලයන් දෙදෙනා මෙලෙස වෙඩි තබා ඝාතනය කෙරුණා. පොලිසිය සැක කරන්නේ ඝාතකයන් පැමිණ ඇත්තේ වෙනත් අයෙකු ඉලක්ක කරගෙන වුවද, පුද්ගලයන් සහ ස්ථාන මාරුවීමෙන් මොවුන් දෙදෙනා ඝාතනය වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් NSW පොලිස් කොමසාරිස් Mal Lanyon ප්‍රකාශ කළේ, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රදේශයේ පාබල පොලිස් මුර සංචාර මෙන්ම ගුවනින් සිදුකෙරෙන නිරීක්ෂණ කටයුතුද වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය වෙත අවශ්‍ය සියලුම අමතර බලතල සහ පහසුකම් ලබාදීමට සූදානම් බවයි NSW රජය සඳහන් කරන්නේ.



