Sydney හි Merrylands West හි පිහිටි නිවසක් අසල සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාසලක් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ආසන්නයේ පිහිටි Bruce වීදියේදී පස්වරු 3.15ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සංවිධානාත්මක කල්ලි අතර පැවති ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක පළ කරනවා.

පසුගිය අඟහරුවාදා Glen Alpine හිදී 23 හැවිරිදි පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසුව, Sydney හි කෙටි කාලයක් තුළ වාර්තා වූ දෙවන මාරාන්තික වෙඩි තැබීම මෙයයි. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.