Sydney හි Baulkham Hills හි Torry Burn Reserve ආසන්නයේ ඇති ඇළ මාර්ගයක පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ පසුගිය අගෝස්තු 5 වනදා අතුරුදහන් වූ බවට වාර්තා වූ පුද්ගලයාගේ සිරුර බවටයි විශ්වාස කෙරෙන්නේ. කෙසේ වෙතත්, සිරුර පිළිබඳ නිල හඳුනාගැනීම ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රහස් පරීක්ෂක වැඩබලන අධිකාරී Michelle Mathieson සඳහන් කළේ, මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර මෙය ස්වාභාවික මරණයක් නොවන බවටද සැකකරන බවයි.