අද උදෑසන Sydney Airport හි ධාවන පථය (tarmac) මතදී Jetstar සහ Qatar Airlines ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමට ආසන්න වීමෙන් බරපතල අනතුරක් වැලකී තිබෙනවා.
Gold Coast බලා ගමන් කිරීමට නියමිතව තිබූ Jetstar ගුවන් යානය ගුවන්ගත වීමට ධාවන පථය වෙත ළඟාවෙමින් සිටියදී, අනෙක් ගුවන් යානය ආසන්නයටම පැමිණීම හේතුවෙන් නියමුවන් විසින් ක්ෂණිකව තිරිංග (brake) යොදා යානය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම හදිසි නතර කිරීමත් සමඟ Jetstar යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සුළු තුවාල ලබා ඇති අතර, මගීන්ට කිසිදු හානියක් සිදුවී නැහැ.
අද උදෑසන 6.00 සිට 8.00 දක්වා Air Traffic Control පද්ධතියේ පැවැති සේවක හිඟයක් හේතුවෙන් ගුවන් ගමන් සීමා කර තිබූ බවයි වාර්තා වන්නේ. Airservices Australia ආයතනයේ මෙම කාලසටහන් ගැටලුව (rostering issues) නිසා ගුවන් ගමන් 150 කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් Jetstar ආයතනය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.



