ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්තොටුපළ තුනක් වන Sydney, Perth සහ Melbourne හි ගුවන්ගමන් රැසක් ප්‍රමාද වීම නිසා මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් Sydney හි Kingsford Smith ගුවන්තොටුපළේ ගුවන්ගමන් 138 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇති අතර, ගුවන්ගමන් 8 ක් සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා. එසේම Melbourne ගුවන්තොටුපළේ ගුවන්ගමන් 198 ක් සහ Perth හි ගුවන්ගමන් 201 ක් පමණ ප්‍රමාද වී ඇති බවයි Airservices Australia ආයතනය පවසන්නේ.
ගුවන්තොටුපළ වෙත පැමිණීමට පෙර තමන්ගේ ගුවන්ගමන් කාලසටහන් පිළිබඳව අදාළ ගුවන් සමාගම්වලින් විමසා බලන ලෙස Airservices Australia ආයතනය මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර පසුගිය ඉරිදා Sydney ගුවන්තොටුපළේදී Qatar Airways සහ Jetstar ගුවන්යානා දෙකක් අනතුරකට ලක්වීමට ආසන්න වීම සම්බන්ධයෙන් Airservices Australia හි ප්‍රධානී Rob Sharp මගීන්ගෙන් කණගාටුව පළ කර සිටිනවා.



