Sydney සිට New York දක්වා කිසිදු නැවතුමකින් තොරව පැය 18 කින් ළඟා විය හැකි සෘජු ගුවන් ගමන් 2028 වසරේදී ආරම්භ කිරීමට Qantas සමාගම තීරණය කර තිබෙනවා. මෙය Qantas සමාගමේ Project Sunrise ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන අතර, ඒ සඳහා Airbus A350-1000ULR වර්ගයේ නව ගුවන් යානා 12 ක් ඇණවුම් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

මෙම නව ගුවන් ගමන් හරහා Sydney සහ New York අතර දැනට ගතවන කාලයෙන් පැය 3 කට වඩා වැඩි කාලයක් ඉතිරි කර ගැනීමට මගීන්ට හැකියාව ලැබෙනු ඇති. මීට පෙර Project Sunrise යටතේ Sydney සිට London දක්වාද මෙවැනිම සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබුණා.

මේ පිළිබඳ අදහස් දක්වමින් Qantas සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී Vanessa Hudson සඳහන් කළේ, මෙය ඕස්ට්‍රේලියා වැසියන්ගේ ගුවන් ගමන් සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ඓතිහාසික පියවරක් වනු ඇති බවයි.