Sydney අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ South West Metropolitan Region Command එකට අයත් 38 හැවිරිදි නිලධාරියෙකුටයි.

2025 ඔක්තෝබර් 5 වනදා St Johns Park හි පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් රථය වෙත රැගෙන යන අතරතුරදී, ඔහු නවාතා තිබූ වෙනත් වාහනයක ගැටෙන ආකාරයෙන් පහරදුන් බවටයි මොහුට චෝදනා එල්ල වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් New South Wales පොලිසිය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව, අදාළ නිලධාරියාට එරෙහිව චෝදනා ගොනුකර අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.

මේ වන විට අදාළ පොලිස් සැරයන්වරයාගේ රැකියා තත්ත්වය පිළිබඳව නැවත සමාලෝචනයක් සිදුකෙරෙන අතර, ඔහු ලබන නොවැම්බර් 11 වනදා Parramatta Local Court හමුවේ පෙනී සිටීමට නියමිතයි.