Sydney Swans AFL ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් පිරිසක් සම්බන්ධයෙන් එල්ල වී ඇති ලිංගික අතවර චෝදනාවක් හේතුවෙන් අදාළ පීඩාවට පත් කාන්තාවන් දැඩි මානසික පීඩනයකින් පසුවන බව ඔවුන්ගේ නීතිඥ John Karantzis ප්‍රකාශ කර තිබෙනවා. Melbourne හි Pullman Hotel හි පැවැති සාදයකදී සිදුවූ බව කියන මෙම සිදුවීම සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

සාදයට සහභාගී වී ක්‍රීඩා සමාජයේ විනය නීති කඩකිරීම හේතුවෙන් Isaac Heeney, Nick Blakey, Chad Warner, Riley Bice සහ James Jordon යන ක්‍රීඩකයින් 5 දෙනාගේ වැඩ තහනම් කිරීමට Sydney Swans පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් පිරිස සහ කණ්ඩායමේ නායක Callum Mills ද කණගාටුව පළ කර ඇති අතර, සිද්ධියට මුහුණ දුන් කාන්තාවන් වෙනුවෙන් වන්දි අයකර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ.