Sydney හි Appin ප්‍රදේශයේදී මෝටර් රථයක් ඉදිරියෙන් පැමිණි සිමෙන්ති ප්‍රවාහන ලොරියක ගැටීමෙන් මාරාන්තික රිය අනතුරක් සිදුව තිබෙනවා..

වෙනත් හදිසි සිදුවීමක් සඳහා පොලිස් රථ දෙකක් සයිරන් සංඥා නිකුත් කරමින් පැමිණි අවස්ථාවේදී, ඉදිරියෙන් ධාවනය වූ Hyundai වර්ගයේ රථයක් විරුද්ධ දෙසට ධාවනය වී ඉදිරියෙන් පැමිණි ලොරියේ මුහුණට මුහුණ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මෝටර් රථයේ රියදුරු ස්ථානයේදීම මියගොස් ඇති අතර, ලොරි රියදුරු සුළු තුවාල ලබා Campbelltown Hospital වෙත ඇතුළත් කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් Cumberland Police Area Command සහ Metropolitan Crash Investigation Unit මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.