Sydney හි southwest ප්‍රදේශයේ නිවසකදී 17 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා මත පිරිමි ළමයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෙනසුරාදා Macarthur ප්‍රදේශයේ නිවසකදී මෙම සිදුවීම වී ඇති අතර, සිදුකළ වැටලීම්වලින් පසුව 17 හැවිරිදි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන විද්‍යුත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් එක් අයෙකුට එරෙහිව බරපතල ලිංගික අතවර කිරීම් ඇතුළු චෝදනා 11ක් එල්ල වී ඇති අතර, අනෙක් දෙදෙනාටද ලිංගික අතවර කිරීම් සහ පහරදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.

අත්අඩංගුවට පත් තරුණයින් තිදෙනාටම ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් අද දිනයේ ළමා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.