සිඩ්නි හි රාත්‍රී සමාජශාලා කිහිපයක සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් New South Wales පොලීසිය විසින් පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණයකින් නිලධාරීන් වරදකරුවන් නොවන බවට තීරණය කර තිබුණා. කෙසේ වෙතත්, නීතිය බලාත්මක කිරීමේ අධීක්ෂණ කොමිෂන් සභාවෙහි මැදිහත්වීම මත අදාළ චෝදනා සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් ආරම්භ කිරීමට NSW පොලීසියට සිදුව තිපෙනවා.

පසුගිය ජූනි 13 වනදා Pride Month සැමරුම් අතරතුර Sydney හි Oxford වීදිය ආසන්නයේ පිහිටි සමාජශාලාවලට කඩාවැදුණු පොලිස් නිලධාරීන්, එහිදී පොලිසිය විසින් පාරිභෝගිකයින්ව ප්‍රසිද්ධියේ ශාරීරික පරික්ෂාවන්ට ලක්කළ බවට චෝදනා එල්ල වනවා.

Sydney හි පාර්ලිමේන්තු මන්ත්‍රී Alex Greenwich සහ Sydney හි නගරාධිපති Clover Moore ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලූ පොලිස් අභ්‍යන්තර පරීක්ෂණ අංශය ප්‍රකාශ කළේ, නිලධාරීන් අතින් කිසිදු වරදක් සිදුව නොමැති බවත් ඉදිරි පරීක්ෂණ අවශ්‍ය නොවන බවත්ය.

නමුත් අදාළ තීරණය ප්‍රතික්ෂේප කළ LECC කොමිෂන් සභාව, ස්වකීය බලතල භාවිත කරමින් සිද්ධිය සම්බන්ධයෙන් නැවත පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස NSW පොලීසියට නියෝග කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මහජන ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 93 දෙනෙකු පරීක්ෂාවට ලක්කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත්, පොලිසියේ මෙම අනිසි බලපෑම සහ හැසිරීම හමුයේ රාත්‍රී කාලයේ විනෝද වූ මහජනතාව දැඩි ලෙස බියට පත්වූ බවට සිටිනවා.