Sydney හි Eastern Suburbs ප්‍රදේශයේදී 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක් වන The Scots College හි සිසුන් තිදෙනෙකුට එරෙහිව පොලීසිය චෝදනා ගොනුකර තිබෙනවා.

13 සහ 14 වියැති මෙම පිරිමි ළමයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගේ නිවාස සෝදිසි කිරීමෙන් පසුවයි. එහිදී ඉලෙක්ට්‍රොනික උපාංග, ව්‍යාජ ගිනිඅවි සහ BB වර්ගයේ තුවක්කුවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

චෝදනා ලැබූ සිසුන් තිදෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැර ඇති අතර, ඔවුන් අගෝස්තු 25 වනදා ළමා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි. Sydney හි අධික වාර්ෂික ගාස්තුවක් අයකරන ප්‍රමුඛ පාසලක් වන The Scots College, පසුගිය වසරේද සිසුන් අතර සිදු වූ පාසල් හිංසනය සම්බන්ධ සිදුවීමක් නිසා දැඩි කතාබහට ලක්වුණා.