Israel-Palestine ගැටුම සම්බන්ධයෙන් වන විශේෂඥ සාක්ෂි පිළිබඳ ඇතිවූ මතභේදයක් හේතුවෙන්, ඉශ්‍රායල ජාතික රෝගීන්ට තර්ජනය කළ බවට චෝදනා ලැබූ Sydney හි හිටපු හෙද හෙදියන් දෙදෙනාගේ අපරාධ නඩුව ලබන වසර දක්වා කල් යාමට ඉඩ ඇති බව වාර්තා වනවා.
Bankstown Hospital හි සේවය කළ Sarah Abu Lebdeh සහ Ahmad Rashad Nadir යන හෙද හෙදියන්ගේ නඩු විභාගය අගෝස්තු 31 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණා. නමුත් පැමිණිල්ල පාර්ශවය විසින් Middle East විශ්ලේෂකයෙකු වන Dr Rodger Shanahan ගේ විශේෂඥ වාර්තාවක් අවසන් මොහොතේ ඉදිරිපත් කිරීමත් සමඟ නඩු විභාගය කල් දැමීමට සිදුවී ඇති බවයි Ahmad Rashad Nadir ගේ නීතිඥ Zemarai Khatiz ප්‍රකාශ කළේ. එම වාර්තාවට පිළිතුරුදීමට තම පාර්ශවයටද වෙනත් විශේෂඥ වාර්තාවක් ලබා ගැනීමට මාස 2-3 ක පමණ කාලයක් අවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2025 පෙබරවාරි මාසයේදී Chatroulette ඇප් එක ඔස්සේ පැවැති වීඩියෝ සංවාදයකදී, මොවුන් දෙදෙනා Bankstown Hospital හි සිටින ඉශ්‍රායල රෝගීන්ට තර්ජනය කරන අයුරු Max Ilinsky නැමැති ඉශ්‍රායල ජාතික සමාජ මාධ්‍ය නිර්මාණකරුවෙකු විසින් පටිගත කර තිබුණා. මෙම සිදුවීමෙන් පසු ඔවුන් දෙදෙනා සේවයෙන් පහකෙරුණු අතර, චෝදනාවලට ඔවුන් නිවැරදිකරුවන් බවයි ප්‍රකාශ කර සිටින්නේ.
අදාළ නඩුව අගෝස්තු 21 වනදා Parramatta District Court හිදී නැවත කැඳවීමට නියමිත අතර, එහිදී නව නඩු වාරයක් නියම කෙරෙනු ඇති. මෙම නඩු විභාගය 2027 වසරේදී පැවැත්වෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.



