Sydney හි M2 අධිවේගී මාර්ගයේ Beecroft Road පිටවීම අසල Cheltenham ප්‍රදේශයේදී මාර්ග සංවර්ධන කටයුතුවල නිරතව සිටි 62 හැවිරිදි සේවකයෙකු Ride-on roller යන්ත්‍රයකට යටවීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී 10:50 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, බරපතල තත්ත්වයේ පසුවූ එම සේවකයා වහාම රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර SafeWork NSW ආයතනය සහ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වනවා. රථයේ රියදුරුද පරීක්ෂණ සඳහා රෝහල්ගත කර තිබෙනවා.