ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණයකට අදාළව Sydney Swans කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් පස්දෙනෙකු 2026 AFL තරඟ වාරයේ ඉතිරි තරඟ සඳහා ක්‍රීඩා කිරීම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මෙලෙස තරඟ තහනමට ලක්ව ඇත්තේ Riley Bice, Nick Blakey, Isaac Heeney, James Jordon සහ Chad Warner යන ක්‍රීඩකයින්.
පසුගිය සඳුදා East Melbourne හි Pullman Hotel හිදී සිදුවූ බව කියන ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ ක්‍රීඩකයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන හෝ චෝදනා ගොනුකර හෝ නැහැ.
කෙසේ වෙතත්, කණ්ඩායමේ චර්යාධර්ම සහ ප්‍රමිතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් Swans පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඊට AFL ආයතනයේ ද පූර්ණ සහය හිමිව තිබෙනවා.



