Tasmania හි Liberal සෙනෙට් සභික Wendy Askew මහත්මිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්, ඇය වෙනුවට ප්‍රාන්ත අගමැති Jeremy Rockliff ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන Chris Gatenby මහතා පත්කිරීමට තීරණය කර තිබෙනවා.
එලෙසම, වසර අවසානයේදී ධුරයෙන් සමුගැනීමට නියමිත සෙනෙට් සභික Jonno Duniam මහතා වෙනුවට හිටපු ප්‍රාන්ත අමාත්‍යවරියක වන Sarah Courtney පත් කිරීමටයි පක්ෂය තීරණය කර ඇත්තේ.
Launceston හි පැවැති පක්ෂ නියෝජිත හමුවකදී මෙම තීරණය ගෙන ඇති අතර, Wendy Askew සහ Jonno Duniam යන මහත්ම මහත්මීන් ස්වේච්ඡාවෙන් ධුරවලින් ඉල්ලා අස්වීම නිසා අතුරු මැතිවරණයකට නොගොස්, පක්ෂයට සෘජුවම මෙම නව සෙනෙට් සභිකයින් පත්කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ අනුව, එළඹෙන මැතිවරණයේදී Liberal පක්ෂයේ Senate අපේක්ෂක ලැයිස්තුවේ පෙරමුණ Chris Gatenby ට හිමිවන අතර, එහි දෙවන ස්ථානය Sarah Courtney ටත්, තෙවන ස්ථානය Latrobe නගර සභා මන්ත්‍රී Jacki Martin ටත් හිමිවන බවයි වාර්තා වන්නේ.



