Launceston ආසන්නයේ පිහිටි Goodstart Kings Meadows ඇතුළු ළමාරක්ෂක මධ්‍යස්ථාන දෙකක දරුවෙකුට ක්ෂය රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ, එහි සිටි අනෙකුත් දරුවන්ට සහ කාර්ය මණ්ඩලයට නොමිලේ පරික්ෂණ සිදුකිරීමට Tasmania සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අදාළ දරුවා ජූලි මැද භාගයේදී අවසන් වරට මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර, මෙයින් සාමාන්‍ය මහජනතාවට එල්ල වන අවදානම ඉතා අවම මට්ටමක පවතින බවයි බලධාරීන් සඳහන් කරන්නේ. සෞඛ්‍ය අංශවල උපදෙස් මත අදාළ මධ්‍යස්ථානවල පිරිසිදු කිරීම් සහ ආරක්ෂිත පියවර ගෙන ඇති අතර, ආයතනවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව Goodstart ආයතනය ප්‍රකාශ කර සිටිනවා.