South Eastern Freeway හි සිදු වූ මාරාන්තික රථවාහන අනතුරකින් තම ස්වාමිපුරුෂයා මියගොස් වසර 12කට පසුව අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වීම පිළිබඳව ඇගේ සහනය පළ කරන බව Thomas Spiess ගේ  බිරිඳ Jan Spiess ප්‍රකාශ කරනවා.

2014 වසරේදී පාලනය කරගත නොහැකි වූ Cleanaway සමාගමට අයත් ලොරියක් Thomas Spiess සහ Jacqueline Byrne ගමන් කළ රථවල ගැටීමෙන් මෙම අනතුර සිදු වූ අතර, එම ස්ථානයේදීම දෙදෙනාම ජීවිතක්ෂයට පත් වුණා.

දීර්ඝ කාලයක් තිස්සේ ඇදී ගිය නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් තම ස්වාමිපුරුෂයාගේ මරණ සහතිකය පවා ලබා ගැනීමට වසර 12ක් බලන් සිටීමට සිදු වූ බවත්, එය දැඩි කනගාටුවට කරුණක් බවත් Jan Spiess සුවිශේෂී ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කළා.

මේ අතර South Australia ප්‍රධාන මරණ පරීක්ෂක David Whittle විසින් නිකුත් කරන ලද අවසන් පරීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, 2014 අනතුරෙන් පසු එම මාර්ගයේ ලොරි සහ බස් රථ සඳහා පැයට  60kmක වේග සීමාවක් පැනවීම ඇතුළු පූර්ව ආරක්ෂිත පියවර රැසක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

කෙසේ වෙතත්, අදාළ මාර්ග කොටස තවමත් මුළුමනින්ම ආරක්ෂිත නොවන බවයි Jan Spiess වැඩිදුරටත් අවධාරණය කරන්නේ.