Townsville හි Heatley ප්‍රදේශයේ Narangi වීදියෙහි පිහිටි නිවාස සංකීර්ණයක ඇති වූ ආරවුලකින් පසු 53 හැවිරිදි පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් 47 හැවිරිදි පුද්ගලයෙකුට මිනීමැරුම් චෝදනා එල්ල කර තිබෙනවා.
පසුගිය සිකුරාදා පස්වරු 3.00 ට පමණ මෙම ආරවුල පිළිබඳව තොරතුරු ලැබීමත් සමඟ පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර, එහිදී බරපතල තුවාල ලබා සිටි 53 හැවිරිදි පුද්ගලයා සොයාගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් වහාම ප්‍රථමාධාර ලබාදීමට පියවර ගත්තද, ඔහු සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ හඳුනන්නෙකු වන 47 හැවිරිදි අයෙකුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ මිනීමැරුම් චෝදනා ගොනු කර තිබෙනවා.



