ඇමෙරිකාවෙන් එල්ල වන දැඩි විවේචන හමුවේ වුවද, තම රජය සැලසුම් කර ඇති සමාජ මාධ්‍ය නියාමන ප්‍රතිසංස්කරණ ඉදිරියටම ගෙන යන බව අගමැති Anthony Albanese පවසනවා. ඕස්ට්‍රේලියාවේ යෝජිත ඩිජිටල් වගකීම් පිළිබඳ නීති මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා වන බවට Trump පරිපාලනය සහ අමෙරිකානු තානාපති කාර්යාලය චෝදනා කළ අතර, US සමාජ මාධ්‍ය සමාගම් මෙම නීතිවලින් නිදහස් කරන ලෙසද ඉල්ලා සිටියා.
කෙසේ වෙතත්, New York හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැති Albanese සඳහන් කළේ, ඕනෑම අවස්ථාවක ඕස්ට්‍රේලියාවේ ජාතික අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින බවයි. මෙම නීති මගින් සිදුකරන්නේ රජයේ පාලනයක් ඇති කිරීම නෙවෙයි, ජනතාවට තම උපාංග හරහා ලැබෙන තොරතුරු පාලනය කිරීමේ බලය නැවත ඔවුන්ට ලබා දීම බවද ඔහු අවධාරණය කළා.
මේ අතර, යෝජිත ප්‍රතිසංස්කරණ මගින් දේශපාලන රැකවරණය යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක් එල්ල විය හැකි බවට Coalition පක්ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රී Andrew Bragg ඇතුළු මෙරට විපක්ෂයද මත පළ කර තිබෙනවා.
නමුත් අන්තර්ජාලය හරහා සිදුවන හානිවලින් ජනතාව සහ ළමයින් ආරක්ෂා කිරීමට නම් මෙවැනි පියවරක් ගැනීම වැළැක්විය නොහැකි බවයි Anthony Albanese වැඩිදුරටත් කියා සිටියේ.
්



