ඕස්ට්‍රේලියාවේ Uber Eats සහ DoorDash වැනි digital delivery platforms හරහා කටයුතු කරන රියදුරන් වෙනුවෙන් Fair Work Commission මගින් ප්‍රකාශයට පත් කළ නව රෙගුලාසි මාලාව ලබන අගෝස්තු17 වන සඳුදා සිට ක්‍රියාත්මක වනවා.
මෙම නව නීති යටතේ රියදුරන් භාවිතා කරන වාහන වර්ගය අනුව පැයක අවම වැටුප නියම කර ඇති අතර, Bicycle හෝ E-bike සඳහා පැයකට $31.30 ක්ද, Motorbike සඳහා $31.80 ක්ද, Car සඳහා $32.00 ක්ද හිමිවනු ඇත. දින 21 ක කාලසීමාවක් තුළ ලැබූ මුළු ආදායම මෙම අවම සීමාවට වඩා අඩු නම් අදාළ සමාගම මගින් ඉතිරි මුදල ගෙවා එය සම්පූර්ණ කළ යුතු අතර, මීට අමතරව ඔවුන් වෙනුවෙන් පුද්ගල හදිසි අනතුරු රක්ෂණ ආවරණයක් ලබාදීමටද අදාළ platforms බැඳී සිටිනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් TWU සංගමයේ Michael Kaine, Employment and Workplace Relations Minister Amanda Rishworth, DoorDash හි Maggie Lloyd සහ Uber Eats හි Ed Kitchen සඳහන් කළේ, රැකියා නම්‍යශීලීභාවයට හානියක් නොවන පරිදි ඕස්ට්‍රේලියාවල gig workers සුභසාධනය තහවුරු කිරීමට ලැබීම ඓතිහාසික ජයග්‍රහණයක් බවයි.


