ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UN Security Council) තාවකාලික ආසනයක් දිනාගැනීමේ අරමුණින් නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
2029-30 කාලසීමාව වෙනුවෙන් මෙම අසුන දිනාගැනීමට ඕස්ට්‍රේලියාව උත්සාහ කරන අතර, 2014 වසරෙන් පසුව ආරක්ෂක මණ්ඩලයට ඇතුළත්වීමට ඔවුන් දරන පළමු උත්සාහය මෙයයි. මෙලෙස ආරක්ෂක මණ්ඩලයේ ආසනයක් හිමිවීම තුළින් කලාපීය සහ ගෝලීය තීරණ ගැනීමේදී ඕස්ට්‍රේලියාවට ප්‍රබල හඬක් නැගීමට හැකියාව ලැබෙන බවයි රජය පවසන්නේ.
කෘතිම බුද්ධිය (AI), සයිබර් තර්ජන, දේශගුණික විපර්යාස සහ පැසිෆික් කලාපීය ආරක්ෂාව මුල්කරගනිමින් ඕස්ට්‍රේලියාව මෙම ප්‍රචාරණ ව්‍යාපාරය මෙහෙයවීමට සැලසුම් කර තිබෙනවා. 2028 වසරේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීම ඕස්ට්‍රේලියාවට අනිවාර්ය වනවා.



