ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සහ එහි ශිෂ්‍ය සංගමය (UQU) අතර පවතින මතභේදාත්මක තත්ත්වය උග්‍ර වී ඇති අතර, පරිපාලනමය ගැටලු මුල්කරගනිමින් විශ්වවිද්‍යාලය විසින් නව පරිපාලන සැලැස්මක් සඳහා ඉල්ලුම් කර තිබෙනවා.
ශිෂ්‍ය සංගමයට ලබාදෙන ශිෂ්‍ය සේවා සහ පහසුකම් ගාස්තු (SSAF) අරමුදල් පාලනය කිරීමට විශ්වවිද්‍යාලය උත්සාහ කරන බවටත්, සමාජීය හා දේශපාලනික මතවාද නිසා මෙම අරමුදල් අත්හිටුවීමට තර්ජනය කරන බවටත් ශිෂ්‍ය සංගමය චෝදනා කරනවා.
කෙසේ වෙතත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන විශ්වවිද්‍යාල ප්‍රකාශකයා සඳහන් කරන්නේ අරමුදල් කැපකිරීමක් සිදු නොකරන බවයි. ශිෂ්‍ය සංගමය විසින් අනුගමනය කළ යුතු විගණන, අවදානම් කළමනාකරණය සහ මුල්‍ය පාලන නීතිරීති නිසි පරිදි ඉටුකර නොමැති බැවින්, එම පරිපාලන ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා මෙම පරිවර්තන සැලැස්ම සඳහා ඉල්ලුම් කළ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.



