USA හි අතිදුෂ්කර කඳුකර ප්‍රදේශයකදී අතුරුදහන් වූ 28 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික කඳු නගින්නෙකු වන Will Standish ගේ මෘත දේහය සෙවීම් මෙහෙයුමකින් පසු සොයාගෙන තිබෙනවා.
Continental Divide Trail නමැති දීර්ඝ කඳු නැගීමේ මාර්ගයේ ගමන් කරමින් සිටි ඔහු, Wyoming හි Teton County ප්‍රදේශයේ පිහිටි කඳු වැටියකින් පහළට ඇද වැටීමෙන් මියයන්නට ඇති බවටයි Teton County Search and Rescue කණ්ඩායම සැක පළ කරන්නේ. ජූලි 23 වනදායින් පසු තම පවුලේ අය සමඟ පැවැති සබඳතා බිඳවැටීම හේතුවෙන් ඔවුන් ජූලි 27 වනදා බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.
ඒ අනුව ක්‍රියාත්මක වූ සෙවීම් මෙහෙයුම් අතරතුර හෙලිකොප්ටර් යානයක් මගින් North Wigwam Peak ආසන්නයේ තිබී ඔහුගේ මෘත ශරීරය සොයාගැනීමට හැකිවුණා.
ලොව පුරා රටවල් රැසක කඳු නැගීමේ නිරතව සිටි ඉතා සුහදශීලී තරුණයෙකු වන Will Standish ගේ හදිසි වියෝව ගැන ඔහුගේ පවුලේ අය මෙන්ම කඳු නැගීමේ ක්ෂේත්‍රයේ පිරිස්ද දැඩි කණගාටුව පළ කර සිටිනවා. ඔහුගේ මෘත දේහය නැවත ඕස්ට්‍රේලියාවට ගෙන ඒම සඳහා මේ වන විට අරමුදල් රැස්කිරීමක්ද ආරම්භ කර තිබෙනවා.



