Victoria ප්‍රාන්ත රජය සමඟ පවතින වැටුප් අර්බුදයක් මුල් කරගනිමින්, එළඹෙන සතියේදී ප්‍රාන්තයේ ප්‍රධානතම රෝහල් කිහිපයක වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වසර 20 කට පසු Victoria රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන පළමු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මෙයයි.
Australian Medical Association Victoria ආයතනය සඳහන් කළේ, අගෝස්තු 13 වනදා Parkville සහ Melbourne CBD හි පිහිටි රෝහල් කිහිපයක වෛද්‍යවරුන් මෙලෙස පැය කිහිපයකට සේවයෙන් ඉවත් වන බවයි. Australian Salaried Medical Officers Federation හි සාමාජිකයින් එකතු වන මෙම වැඩවර්ජනය එදින දහවල් 12:30 සිට පස්වරු 4:00 දක්වා පැවැත්වෙන අතර, වෛද්‍යවරුන් Grattan වීදියේදී විරෝධතා රැලියක්ද පැවැත්වීමට නියමිතයි.
මෙම වර්ජනය හේතුවෙන් Royal Melbourne Hospital, Royal Children's Hospital සහ Royal Women's Hospital ඇතුළු රෝහල් කිහිපයකට බලපෑම් එල්ල වනවා. ඒ අනුව, හදිසි නොවන ප්‍රතිකාර සඳහා වෙන් කරගෙන තිබූ වේලාවන් වෙනත් දිනයකට වේලාවන් වෙන්කර ගන්නා ලෙස අදාළ රෝහල් පාලනාධිකාරියෙන් රෝගීන්ට දැනුම් දී තිබෙනවා.



