Victoria ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති අතර ප්‍රාදේශීය ප්‍රදේශවල පවුලේ වෛද්‍යවරුන් (GPs) දැඩි හිඟයකට මුහුණ දී සිටින බවට වෛද්‍යවරුන් අනතුරු අඟවනවා. වෛද්‍යවරුන් හමුවීමට සති ගණනාවක් බලා සිටීමට සිදුවීම නිසා දීර්ඝකාලීන රෝගීන්ගේ තත්ත්වය උත්සන්න වී, ඔවුන් අවසානයේ රෝහල් හදිසි අංශ (ED) වෙත යොමුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රාදේශීය ප්‍රදේශවල වෛද්‍ය හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ විදේශීය වෛද්‍යවරුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් මධ්‍යම රජය ගෙන ආ ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ නගරවලට සාපේක්ෂව ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍යවරුන්ට හිමිවන අඩු ආදායමයි. මෙයින් Ballarat, Bendigo, Casterton සහ Birregurra වැනි ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.
ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය ක්ෂේත්රය සුරැකීමට නම් මධ්‍යම රජය විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් සඳහා වැඩි ප්‍රතිපාදන වෙන්කළ යුතු අතර, වෛද්‍යවරුන්ට ග්‍රාමීය ප්‍රදේශවල සේවය කිරීම අනිවාර්ය කෙරෙන පැරණි ප්‍රතිපත්ති නැවත ක්‍රියාත්මක කළ යුතු බවට ද වෛද්‍ය සංගම් අවධාරණය කරනවා.



