Victoria ප්‍රාන්තයේ මාර්ග පද්ධතියේ පවතින දැඩි වළවල් සහිත අයහපත් තත්ත්වය, ඉදිරි ප්‍රාන්ත මැතිවරණයේදී තීරණාත්මක මාතෘකාවක් බවට පත්වනු ඇති බව Nationals පක්ෂයේ නායක Danny O’Brien පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙය Labor පාලනයේ අසාර්ථකත්වය මනාව පැහැදිලි කරන කරුණක් බවයි.
Western Highway හිදී පාරේ තිබූ වළක රථය ගැටීමෙන් 71 හැවිරිදි Peter ‘Tiki’ Mason නැමැති පුද්ගලයා මියයාමේ සිද්ධියත් සමඟ මෙම මාර්ග අර්බුදය දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්වුණා.
එමෙන්ම, Victoria ප්‍රාන්ත විගණකාධිපති කාර්යාලය මඟින් නිකුත් කළ වාර්තාවකට අනුව ප්‍රාන්තයේ මාර්ග පද්ධතියෙන් 48% ක්ම පවතින්නේ ඉතා අයහපත් තත්ත්වයකයි. පවතින මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම නිසා නඩත්තු කටයුතු නිසි ලෙස සිදුකිරීමට නොහැකි වී ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා.



