Victoria ප්‍රාන්තයේ රාජ්‍ය පාසල් සඳහා ෆෙඩරල් Gonski ප්‍රමිතීන්ට අනුකූලව පූර්ණ මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව නව ප්‍රාන්ත අගමැති Ben Carroll පවසනවා. ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, අගහිඟකම් ඇති ළමුන් වෙනුවෙන් ඉදිරි මැතිවරණයට පෙර මෙම අරමුදල් වෙන් කිරීම අවසන් කිරීම තමන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවයි.
හිටපු ප්‍රාන්ත අගමැති Jacinta Allan ගේ පාලන සමයේ සිදු වූ ප්‍රමාදයන් හමුවේ Ben Carroll විසින් Labor ආණ්ඩුවේ ඉදිරි ගමන වෙනුවෙන් නව ප්‍රතිපත්ති කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා. යොවුන් අපරාධ මැඩලීමට අධ්‍යාපනය සහ පුනරුත්ථාපනය ප්‍රබල මෙවලමක් කරගන්නා බවත්, Melbourne හි Poker machines සූදුව පාලනයට නව සීමාවන් පනවන බවත් ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම First Peoples සමඟ වන ඓතිහාසික Treaty ගිවිසුමට තම පූර්ණ සහය හිමිවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ප්‍රාන්තයේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා Payroll tax හා Land taxes ලිහිල් කරමින් ව්‍යාපාරික හිතකාමී පරිසරයක් නිර්මාණය කරන බවයි ප්‍රාන්ත අගමැති Ben Carroll පවසන්නේ. මීට අමතරව ප්‍රාන්තයේ ප්‍රථම Minister for Artificial Intelligence ලෙස Anthony Carbines පත්කර ඇති අතර, Data centres හා Renewable energy ව්‍යාපෘති ප්‍රජා එකඟතාව සහිතව ඉදිරියට ගෙන යාමටද සැලසුම් කර තිබෙනවා.
ලබන නොවැම්බර් 28 වනදා පැවැත්වෙන මැතිවරණයෙන් Labor පක්ෂයේ 04 වන ධුර කාලය තහවුරු කරගැනීම Ben Carroll ගේ ප්‍රධාන අභියෝගය වී තිබෙනවා.



