ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත Victoria මැතිවරණයේදී Labor සහ Liberal යන ප්‍රධාන පක්ෂ කෙරෙහි පැවති ජනතා විශ්වාසය බිඳවැටීම හේතුවෙන්, One Nation පක්ෂයේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව දේශපාලන විචාරකයෝ පවසනවා.
Labor පාලනයේ $10 billion Big Build ව්‍යාපෘතිය හා සබැඳි දූෂණ චෝදනා සහ අපරාධ පාලනය කිරීමට අපොහොසත් වීම එම පක්ෂයේ පසුබෑමට ප්‍රධාන හේතු වී තිබෙනවා. හිටපු ප්‍රාන්ත අගමැති Jacinta Allan ඉල්ලා අස්වීමෙන් පසු ධුරයට පත් Ben Carroll, දූෂණ චෝදනා සෙවීමට රාජකීය පරීක්ෂණ කොමිෂන් සභාවක් ප්‍රකාශයට පත් කරමින් පෙර පාලනයෙන් වෙන්වීමට උත්සාහ කළද, ජනතා අප්‍රසාදය තවමත් පහව ගොස් නැහැ.
Liberal පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටුම් සහ Moira Deeming සම්බන්ධ නීතිමය ආරවුල් හේතුවෙන්, Labor පක්ෂයේ පසුබෑමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට පක්ෂයේ නව නායක Jess Wilson ට නොහැකි වී තිබෙනවා.
මේ වන විට One Nation පක්ෂය ප්‍රාන්ත මට්ටමේ නායකයෙකු නොමැතිව වුවද ඇතැම් මූලික ජනමත විචාරණවල ඉදිරියෙන් පසුවේ. විශේෂයෙන්ම Melbourne වල outer suburbs, rural areas සහ Melton, Bendigo East, Yan Yean, Sunbury, Macedon, Mildura, Shepparton වැනි ආසනවලදී One Nation තර්ජනය දැඩි වී තිබෙනවා.
කෙසේ වෙතත්, Redbridge ජනමත විචාරණ මගින් One Nation පක්ෂයට ආසන 30 ක් දක්වා දිනාගත හැකි බවට අනාවැකි පළ කළද, පක්ෂයේ සංවිධාන ශක්තිය නොමැතිවීම හේතුවෙන් සැබෑ මැතිවරණ ප්‍රතිඵලයේදී ඔවුන්ට හිමිවනු ඇත්තේ අඩු ආසන සංඛ්‍යාවක් බව Monash විශ්වවිද්‍යාලයේ Dr Kathryn Daley ඇතුළු විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. එසේ වුවද, කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට නොහැකි වුවහොත්, ආණ්ඩුවක් පිහිටුවීමට One Nation හෝ Greens පක්ෂවල සහාය ලබා ගැනීමට ප්‍රධාන පක්ෂවලට සිදුවනවා.



