Victoria හි පළාත් පාලන මන්ත්‍රීවරුන් ප්‍රාන්ත හෝ ෆෙඩරල් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා තරග කිරීමේදී ක්‍රියාත්මක වන නව නීති මාලාවක් යෝජනා කර තිබෙනවා. වත්මන් 2020 පළාත් පාලන පනතට අනුව, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සහ පළාත් පාලන ආයතනයේ රාජකාරි වෙන් වෙන්ව පවත්වාගෙන යන්නේ නම්, මන්ත්‍රීවරුන්ට මැතිවරණයට ඉදිරිපත්වීමේදී නිවාඩු ලබාගැනීම අනිවාර්ය වන්නේ නැහැ.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව සංශෝධන යටතේ මන්ත්‍රීවරයෙකු නිල වශයෙන් අපේක්ෂකත්වය ලියාපදිංචි කළ පසු අනිවාර්යයෙන්ම නිවාඩු ලබාගත යුතු වනවා. එමෙන්ම නගරාධිපතිවරුන්  සහ නියෝජ්‍ය නගරාධිපතිවරුන් අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ වහාම සිය ධුරවලින් ඉවත් විය යුතු අතර, එසේ නොකරන්නේ නම් ඩොලර් 25,092 ක දඩයකට යටත් කිරීමටයි යෝජනා වී ඇත්තේ.

මෙම පනත් සංශෝධනය ඉදිරිපත් කළ Labor පාර්ලිමේන්තු මන්ත්‍රී Paul Hamer සඳහන් කළේ, මැතිවරණ සමයේදී මතුවිය හැකි හිතුමනාප සහ නීතිමය ගැටලු මඟහරවා ගැනීමට මෙය උපකාරී වන බවයි. නමුත් මෙම යෝජනාවට Mildura හි නගරාධිපති Ali Cupper ඇතුළු පිරිසක් විරෝධය පළ කරමින් කියා සිටින්නේ, නායකයින්ට මැතිවරණවලට ඉදිරිපත් වීමට ඇති අයිතිය සීමා කිරීම අසාධාරණ බවයි.

මෙම නව නීති රීති 2027 ජනවාරි 1 වනදායින් පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා බලපැවැත්වීමට නියමිත අතර, Kate Kendall, Rochelle Halstead සහ Jo Armstrong යන පළාත් පාලන නියෝජිතයින් ප්‍රාන්ත මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා දැනටමත් ධුරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.