H5N1 කුරුළු උණ වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා Victoria ප්‍රාන්තයේ කුකුළු ගොවිපොළවල සියලුම පක්ෂීන් ගෘහස්ථව තබා ගැනීම අනිවාර්ය කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
මේ අනුව පක්ෂීන් 50කට වැඩි සංඛ්‍යාවක් ඇති සියලුම ගොවිපොළවල් සඳහා මෙම නියෝගය බලපැවැත්වෙන අතර, ඕස්ට්‍රේලියාව තුළ කුකුළු කර්මාන්තයට මෙවැනි Lockdown එකක් අනිවාර්ය කළ පළමු ප්‍රාන්තය බවට Victoria පත්ව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය Michaela Settle සඳහන් කළේ වනජීවීන්ගෙන් ගොවිපොළේ පක්ෂීන්ට වෛරසය පැතිරීම වැළැක්වීම මෙම පියවරේ අරමුණ බවයි.
මේ අතර Yambuk, Apollo Bay සහ Clyde ප්‍රදේශවලින් නව H5N1 ආසාදිත හමුවීමත් සමඟ අවදානම ඉහළ ගොස් ඇති බව Victoria ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී Graeme Cook පැවසුවා.
නවතම දත්ත අනුව Victoria හි Portland සහ Nelson ප්‍රදේශවලින් හමුවූ greater crested terns පක්ෂීන් අතරින් තවත් ආසාදිතයන් 20 දෙනෙකු තහවුරු වී ඇති අතර, ඕස්ට්‍රේලියාව පුරා H5 කුරුළු උණ ආසාදිත හෝ සැකසහිත සිද්ධීන් සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, මෙතෙක් කුකුළු ගොවිපොළවල හෝ කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය තුළ වෛරසය හඳුනාගෙන නොමැති බවත්, මිනිසුන්ට පවතින අවදානම ඉතා අඩු බවත් බලධාරීන් අවධාරණය කරනවා.
රජය පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් බිත්තර සැපයුමට හෝ මිල ගණන්වලට බලපෑමක් නොවනු ඇති බවයි.



