වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින්, දීර්ඝකාලීන රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුට අනුමත නොකළ ඖෂධ ලබා දෙමින් ඕස්ට්‍රේලියානු ඩොලර් 20,000කට වැඩි මුදලක් අය කළ Melbourne හි කාන්තාවක පිළිබඳව Victoria හි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
මෙලෙස චෝදනා ලැබ සිටින Assma (Sarah) Samadi නමැති කාන්තාවට Victoria ප්‍රාන්තය තුළ කිසිදු සෞඛ්‍ය සේවාවක් සැපයීම තහනම් කරමින් සෞඛ්‍ය පැමිණිලි කොමසාරිස් විසින් තාවකාලික තහනම් නියෝගයක්ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇය භාවිත කළ ස්ථානයක් පරීක්ෂා කළ පොලිසිය විසින් Cocaine, Steroids සහ Testosterone ඇතුළු විශාල ඖෂධ තොගයක් සොයාගෙන ඇති අතර, ඇයට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ පහරදීම් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබෙනවා. ඇය ඇප මත මුදා හැර ඇති අතර, ලබන ඔක්තෝබර් 19 වනදා Moorabbin මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.



