Victoria හි Loddon බන්ධනාගාරයේ සිරකරුවන් එකිනෙකාට කියවීම සහ ලිවීම පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක වනවා.

Turning Pages ලෙස නම් කර ඇති මෙම වැඩසටහන එක්සත් රාජධානියේ Shannon Trust සංවිධානය මගින් හඳුන්වා දී ඇති අතර, ඕස්ට්‍රේලියාවේ සිරගෙදරක මෙය ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙයයි. පන්ති කාමර හෝ කාලසටහන්වලට සීමා නොවී, රැඳවියන් විසින්ම අනෙක් රැඳවියන්ට එකිනෙකා හමුවී ලිවීම සහ කියවීම පුහුණු කිරීම මෙහි විශේෂත්වයයි.

ලිවීමට සහ කියවීමට නොහැකිවීම නිසා සමාජයේ සහ සිරගෙදර තුළ විවිධ අපහසුතාවලට මුහුණ පෑ රැඳවියන් රැසක් මේ වන විට තමන්ටම කියා ලිපි ලිවීමටත්, රැකියා සඳහා අවශ්‍ය කාර්මික සහතික පත්‍ර ලබාගැනීමටත් අවශ්‍ය දැනුම සහ විශ්වාසය ගොඩනඟාගෙන තිබෙනවා. මෙමගින් සිරකරුවන් නිදහස් වූ පසු නැවතත් අපරාධ සඳහා යොමුවීම වැළකී, ඔවුන්ගේ අනාගතය යහපත් එකක් බවට පත්වන බවයි Loddon බන්ධනාගාරයේ බලධාරීන් පවසන්නේ.