Victoria ප්‍රාන්ත රජය ඉදිරිපත් කළ සංශෝධිත නව වැටුප් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සංගමයේ වික්ටෝරියානු ශාඛාවේ සාමාජිකයන් තීරණය කර තිබෙනවා.
වසර 4 ක් පුරා 28.3% සිට 32.4% දක්වා වන වැටුප් වැඩිවීමක් සහ ඩොලර් 2,000 ක එකවර ගෙවන දීමනාවක් මෙම නව යෝජනාවට ඇතුළත්. ඊට අමතරව ගුරුවරුන්ගේ සේවා කොන්දේසි ඉහළ නැංවීමට සහ පැවැත්විය යුතු රැස්වීම් ගණන සීමා කිරීමටද රජය එකඟ වී තිබෙනවා.
මීට පෙර පැවැති යෝජනා සාර්ථක නොවීම හේතුවෙන් පසුගිය මාර්තු සහ ජූලි මාසවල වර්ජන පැවැත්වූ අතර, මෙම නව එකඟතාවයත් සමග ඉදිරියේදී පැවැත්වීමට තිබූ 24-hour වර්ජනය අවලංගු කර තිබෙනවා.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සංගමයේ වික්ටෝරියා ශාඛාවෙහි සභාපති Justin Mullaly පැවසුවේ, සාමාජිකයන්ගේ එකමුතුකම නිසා මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවයි.



