regional Victoria හි Harrietville Hotel වෙතින් අතුරුදහන්ව Omeo Highway හි Mitta Mitta ප්‍රදේශයේ ප්‍රපාතයක සිරවී සිටියදී සොයා ගැනුණු 85 හැවිරිදි John Bakkum නම් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය ඉරිදා රාත්‍රියේ බිරිඳ සමඟ ආපනශාලාවෙන් පිටවූ ඔහු අතුරුදහන් වීමත් සමඟ පොලිසිය සෙවුම් මෙහෙයුමක් ආරම්භ කළ අතර, අඟහරුවාදා දිනයේදී ඔහුව මෙලෙස රිය අනතුරකට ලක්ව තිබියදී සොයාගනු ලැබුවා.

ඔහු පදවාගෙන ගිය Toyota Prado රථය මර්ගයෙන් ඉවතට පැන සිදුවූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් Victoria පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.