Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Goulburn ගඟ අසල ගංවතුර තත්ත්වයක් පවතින ප්‍රදේශයකදී අතුරුදහන් වූ 60 හැවිරිදි පුද්ගලයෙකු සෙවීම සඳහා දැවැන්ත සෙවුම් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Shepparton සහ Mooroopna අතර Causeway එක ආසන්නයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතර, Victoria පොලිස් නිලධාරීන්, Tatura SES සේවකයින් සහ Shepparton Search and Rescue කණ්ඩායම එක්ව අද අලුයම සිට සෙවුම් කටයුතු සිදුකරනවා. එමෙන්ම සෙවුම් මෙහෙයුම් සඳහා Police Air Wing හෙලිකොප්ටර් යානාද යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.