හිසට එල්ල වූ පහරවල් නිසා මොළයට හානි සිදු වූ ක්‍රීඩකයෙකුගේ අනාගත නීතිමය වගකීම එම ක්‍රීඩකයා පිටම පවරන රහස් ගිවිසුමක් අත්සන් කරගත් Victorian AFL කණ්ඩායමක් පිළිබඳව පුවතක් වාර්තා වෙනවා

News Corp පුවත්පත අනාවරණය කර ඇති පරිදි, මීට වසර දෙකකට පෙර මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ අදාළ ක්‍රීඩකයාට නැවත තරඟ කිරීමට අවස්ථාව ලබාදීමේ කොන්දේසිය මතයි. එමගින් ක්‍රීඩකයාට අනාගතයේ සිදුවිය හැකි තුවාල හෝ සෞඛ්‍ය ගැටලු වෙනුවෙන් අදාළ සමාජය හෝ එහි වෛද්‍ය කණ්ඩායම නීතිමය වගකීමෙන් නිදහස් වන බව එහි සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාව සංකේතාත්මකව හෙළාදකින AFL Players Association හි ප්‍රධානී James Gallagher සඳහන් කළේ, ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින නීතිමය වගකීම්වලින් ක්‍රීඩා සමාජවලට මෙලෙස මගහැර යා නොහැකි බවයි. මීට පෙරද හිසට එල්ල වූ දැඩි ප්‍රහාර සහ මොළයට සිදුවූ හානි හේතුවෙන් AFL ක්‍රීඩකයින් රැසකට ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදුවූ අතර, මෙම පුවතත් සමඟ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.