Winter ආරම්භයේදී යම් වර්ෂාපතනයක් ලැබුණත්, Western Australia ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට පසුගිය ජූලි මාසය ඉතිහාසයේ වාර්තා වූ වියළිම ජූලි මාසයක් බවට පත්ව තිබෙනවා. South West කලාපයේ සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 39.7 ක් ලෙස සටහන් වන අතර, මෙය වාර්තා අතරට එක්වන්නේ එම කලාපයෙන් මෙතෙක් වාර්තා වූ අඩුම වර්ෂාපතනය ලෙසයි. එමෙන්ම Perth නගරයටද මෙම මාසයේදී ලැබී ඇත්තේ සාමාන්‍යයෙන් ලැබෙන වැසි ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු වර්ෂාපතනයක්.
කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ දකුණු මුහුදු කලාපය දෙසින් පැමිණෙන වැසි සහිත සිසිල් සුළං ධාරා වළක්වමින්, ප්‍රාන්තයට ඉහළින් බලපැවැත්වූ ප්‍රබල අධි-පීඩන පද්ධති මෙලෙස වැසි අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බවයි. මේ හේතුවෙන් දහවල කාලයේදී අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණයක් පැවැති අතර, Perth, Jurien Bay සහ Cape Leeuwin යන ප්‍රදේශවලින් ඉතිහාසයේ ජූලි මාසයක වාර්තා වූ ඉහළම උෂ්ණත්වයන්ද වාර්තා වුණා. කෙසේ වෙතත්, රාත්‍රී කාලයේදී අහස නිරවුල්ව පැවැතීම නිසා Wheatbelt සහ Great Southern වැනි ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ අගයන් දක්වා පහළ යමින් අධික ශීතල කාලගුණයක් නිර්මාණය වුණා.
ජූලි මාසයේ 17 වනදායින් පසුව පැමිණි තද කුණාටු සහිත වැසි තත්ත්වය නිසා Bunbury, Dardanup සහ Perth ඇතුළු ප්‍රදේශ කිහිපයකට යම් වර්ෂාපතනයක් ලැබුණත්, පැවැති දැඩි වියළි බව පියවා ගැනීමට එය ප්‍රමාණවත් වූයේ නැහැ. විශේෂයෙන්ම කෘෂිකාර්මික නගරයක් වන Northam ප්‍රදේශයට වසර 150 කට පසු ලැබුණු අඩුම ජූලි වර්ෂාපතනය මෙය ලෙස සටහන් වන අතර, Pilbara සහ Kimberley වැනි උතුරු ප්‍රදේශවලටද වියළි ශීතල සුළං මගින් බලපෑම් එල්ල වුණා.
Bureau of Meteorology ආයතනය පුරෝකථනය කරන්නේ ඉදිරියට උදාවන අගෝස්තු මාසයේදී ද සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවයි. ඒ අනුව ශීත සෘතුවේ අවසන් මාසයද මෙලෙසම වියළි කාලගුණයක් සහිතව ගෙවී යාමේ වැඩි ඉඩකඩක් පවතිනවා.



