Adelaide Hills හි Charleston ප්‍රදේශයේදී කටයුතු කරමින් සිටි 26 හැවිරිදි Josh Thomson-Parkin නමැති තරුණයා, ලී කුඩු කරන Woodchipper යන්ත්‍රයක් තුළ සිරවී අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
වැඩ නිමවීමෙන් පසුවත් නිවසට නොපැමිණීම නිසා සිදුකළ සොයාබැලීමේදී, ඔහුගේ පියා විසින් අදාළ යන්ත්‍රය තුළ තිබී තම පුතුගේ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මියගිය තරුණයා සිද්ධියට පෙරදින මෙම යන්ත්‍රයේ කාර්මික දෝෂයක් පවතින බවට පවසා ඇති අතර, ඔහු තනිවම සේවය කරමින් සිටියදී යන්ත්‍රය ඇහිරී මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැකකෙරෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීම වන විටත් ඔහු විවාහ වී ගතවී ඇත්තේ මාස කිහිපයක් පමණයි. තරුණයා සේවය කළ ආයතනයෙන් සහ සිද්ධිය සම්බන්ධයෙන් SafeWork SA ආයතනය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


