Victoria හි හඳුන්වා දීමට නියමිත Controversial Work from home පනත වහාම අහෝසි කරන ලෙස බල කරමින් ප්‍රධාන ව්‍යාපාරික සංවිධාන 12ක් එක්ව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll වෙත හදිසි ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

සේවකයන්ට සතියකට අවම වශයෙන් දින දෙකක් නිවසේ සිට සේවය කිරීමට නීතිමය අයිතිය ලබාදෙන මෙම පනත ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබූ නමුත්, මෙවැනි නීති මගින් ආයෝජකයන් සහ රැකියා අවස්ථා ජාත්‍යන්තරයට හෝ වෙනත් ප්‍රාන්ත වෙත ගලා යාමේ අවදානමක් ඇති බවත්, එමගින් Victoria හි ආර්ථිකය තවදුරටත් පසුපසට යන බවත් ව්‍යාපාරික ප්‍රජාව පෙන්වා දෙනවා.

මෙම විරෝධතා හමුවේ අදහස් දක්වමින් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු විවාද අතරතුරදී ඉදිරිපත් වන යෝග්‍ය සංශෝධන පිළිබඳව සැලකිලිමත් වීමට රජය සූදානම් බවයි.