ඕස්ට්‍රේලියානු රජය මගින් Working Holiday වීසා ක්‍රමවේදයට හඳුන්වා දුන් නව සංශෝධන හේතුවෙන් Regional Queensland හි සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ක්ෂේත්රවල ව්‍යාපාරිකයන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.
ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තියට අනුව, තෙවන වසරේ Working Holiday වීසා බලපත්‍ර ලබාදීම වසරකට සංචාරකයන් (backpackers) 5,000කට සීමා කර ඇති අතර ඒ සඳහා ඡන්ද ක්‍රමයක් (ballot system) හඳුන්වා දී තිබෙනවා. මෙම තීරණය නිසා Far North Queensland, Cairns, Townsville සහ Rockhampton වැනි ප්‍රදේශවල හෝටල්, සංචාරක නිකේතන සහ ගොවිපළවල සේවය කරන විදේශිකයන් සංඛ්‍යාව දැඩි ලෙස පහත වැටෙනු ඇති. ප්‍රදේශවාසීන් එම රැකියාවලට යොමු නොවන බැවින් මෙමගින් අස්වැන්න නෙළීමට නොහැකි වීම සහ සංචාරක ව්‍යාපාර කඩාවැටීම වැනි විශාල බලපෑමකට මුහුණ දීමට සිදුවන බවට ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් චෝදනා කරනවා.



